ලංගම ගොඩ දාන්න ඉදිරියෙදි කැබිනට් පත්‍රිකාවක් - පුරප්පාඩු පුරවා වැටුප් ප්‍රශ්නත් හරිගස්සන බව ඇමති කියයි

Report

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් අද(11) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඇතැම් ඩිපෝ පාඩු ලබන්නේ ඒවා ප්‍රාදේශීයව පිහිටා තිබීම සහ එම මාර්ගවල වැඩි වශයෙන් මගීන් ගමන් ගන්නා ගමන්වාර සංඛ්‍යාව අඩුවීම මත බවයි.

අසන ලද පැනයකට පිළිතුරු දෙමින් එසේ ප්‍රකාශ කළ ඔහු ඒ වෙනුවෙන් ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවද ප්‍රකාශ කළා.

එමෙන්ම ලංගමය සතු බස් සංචිතයේ ඇති අඩුපාඩු නිසා නිරන්තරයෙන් ඒවා අලුත්වැඩියා කිරීමට සිදුවන බැවින් ඒ වෙනුවෙන් අධික වියදමක් වැය වන බැවින් එයින් ද ලංගමයට විශාල පාඩුවක් සිදුවන බව අමාත්‍යාවරයා මෙහිදී කියා සිටියා.

වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

ඊට අමතරව ඔහු පැවසුවේ 2026 වසරේ ජනවාරි 31 වන දින වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තිබූ සේවක පුරප්පාඩු වෙනුවෙන් යම් සේවක සංඛ්‍යාවක් බඳවාගැනීටම හැකි වූ බවයි.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ 2026.01.31 වැනි දින වන විට රියදුරු 1,034ක් ද, කොන්දොස්තර 1,022ක් ද, කාර්මික 429ක් සහ වැඩමූලික 59 ද ලෙස පුරප්පාඩු පැවති නමුත් ඊයේ (10) දිනය වන විට එම පුරප්පාඩුවලින් යම් කොටසක් පිරවීමට ක්‍රියා කර තිබෙන බවයි.

එබැවින් මේ වන විට සේවක පුරප්පාඩු පවතින්නේ රියදුරු 647ක්, කොන්දොස්තර 770ක්, කාර්මික 429ක් සහ වැඩමූලික 59 ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක්..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක්..

අඳාළ පුරප්පාඩු සඳහා ද බඳවාගැනීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පවතින වැටුප් විශමතාව ගැටලු නිරාකරණයට සහ නියමිත තනතුරට අන්තර් ග්‍රහණය කිරීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් බවත් ඔහු සඳහන් කළා.

ඉදිරියේ දී ඒ සඳහා ද කැබිනට් පත්‍රකාවක් මඟින් අනුමැති ගනිමින් මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවද ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදි පැවසුවා.  

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි

විමල්ගේ බිරිඳගේ අභියාචනයත් විසි වෙයි - ‍ආයෙත් කූරු ගනින්න වෙයි