නොගැලපේ නම් දික්කසාද වෙන්නැයි පොහොට්ටුවෙන් කියයි

By Sithumi Oct 30, 2021 03:14 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුව දූෂිත බවට චෝදනා එල්ල කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අභියෝග කරයි. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, "ගම්මන්පිල ඇමතිතුමා කිව්වා දූෂිත ආණ්ඩුවක් කියලා. ඒ තරම් දූෂිත රජයක් නම් මේක ඇයි එතුමා ඒක තුළ ඉන්නේ." 

 රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, "යුගදනවි ගිවිසුම ගැන කවුරුත් සෑහීමකට පත්වෙන්නේ නෑ." අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, "පක්ෂ රැස්වීමෙදී එකක් කියලා එළියට ගිහින් තව එකක් කියනකොට ඒක අපිට ඉවසන් ඉන්න බැරි වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑ නේ කොහෙවත්. ගැලපෙන්නැත් නම් දික්කසාද වෙන්න ඕනේ." 

  මේ අතර LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹදී "මහජන මන්ත්‍රණ සභාව" පවත්වා තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now