ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගය අද..කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Cricket Sri Lanka Cricket New Zealand Cricket Team Sports
By Piyumika Dec 30, 2024 05:20 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගය අද (30 වැනිදා) නවසීලන්තය සමගින් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව  ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි 20යි 20 ජාත්‍යන්තර තරගයයි  අද පැවැත්වෙනුයේ .

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තය ට ආරාධනා කිරීමට ය.

සත්කාරක නවසීලන්තය සමගින් පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය වන අද තරගය, පළමු තරගය පැවැති බේ ඕවල් ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

තරගාවලියේ පළමු තරගයේදී මැද පෙළ පිතිකරුවන්ගේ නොසැලකිළිමත් සහ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් නිසැක ජයග්‍රහණයක් අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ජය ගැනීම පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වේ.

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ මෙන්න මෙහෙමයි..

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ මෙන්න මෙහෙමයි..

පිතිකරුවන්ට වඩාත් හිතකර තණතීරුවේ අද දිනයේත් ඉහළ ලකුණු වාර්තා වන තරගයක් බලාපොරොත්තු විය හැකි අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අවස්ථාවට අනුව පිතිකරණයේ නිරත වීම වඩාත් උචිත වනු ඇත.

ක්‍රීඩාංගණය පිතිකරුවන්ට හිතකර වුවද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ තරගය ද ඇතුළුව මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ පැවැති ජාත්‍යන්තර පිරිමි විස්සයි විස්ස තරග 13ක් අතුරින් තරග 3ක් ජය පරාජ‍යෙන් තොරව අවසන් වද්දී, ඉතිරි තරග සියල්ල ජය ගැනීමට සමත්ව ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදුන් කණ්ඩායම වීම විශේෂත්වයකි.

එම නිසා කාසියේ වාසිය ජය ගන්නා නායකයාට ගන්නා තීරණය පිළිබඳව වඩාත් සැලකිලිමත්වීමට සිදු වනු ඇත. පළමු තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් දැඩි ප්‍රහාරයකට ලක්වූ මතීෂ පතිරණට අද තරගයේ ද කණ්ඩායමේ ඉඩක් හිමි වීමට අවස්ථාව පවතින අතර එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කමකින් තොරව අද තරගයට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.

පෙරේදා (28 වැනිදා) පැවැති තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 8ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

එහිදී ලකුණු 173ක ඉලක්කයක් සාර්ථකව හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 121ක් විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් වූ නමුත් අනතුරුව කඩුලු 8ක් ලකුණු 38ක් තුළ බිඳ වැටීම තරගයේ පරාජයට හේතු විය.

පන්දුවාර 13ක් අවසන් වන විට ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ලකුණු 120ක් රැස් කිරීමට සමත්ව තිබූ අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 53ක් රැස් කිරීමට පන්දු 42ක් ඉතිරිව තිබුණි. ඒ වන විට තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමේ සම්භාවිතාව 97.46%ක් ලෙස සටහන් විය.

එනමුත් 14වැනි පන්දුවාරයේ 3වැනි පන්දුවේදී පන්දු 36කින් ලකුණු 46ක් රැස් කර සිටි කුසල් මෙන්ඩිස් දැවී ගිය පසු පිටියට පිවිසි කුසල් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එම පන්දුවාරය අවසන් වන විට ලකුණු නොලබාම දැවී ගියහ.

නායක චරිත් අසලංක නායකත්වයේ වගකීමකින් තොරව ලකුණු 3කට දැවී ගියේය.

බැංකුවක රැකියාවක් හොයපු ඔයා මේ ගැන දැනුවත්ද...

බැංකුවක රැකියාවක් හොයපු ඔයා මේ ගැන දැනුවත්ද...

අනතුරුව හතරේ සීමාවේදී ටිම් රොබින්සන් රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ පැතුම් නිස්සංක දවා ගැනීමට නවසීලන්තය සමත් විය.

පන්දු 60කදී ලකුණු 90ක් රැස් කළ පැතුම්ට සිය කුළුඳුල් විස්සයි විස්ස ශතකය ලකුණු 10කින් අහිමි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2011 වසරෙන් පසු මේ දක්වා විස්සයි විස්ස ශතකයක් රැස් කිරීමට කිසිවකු සමත්ව නොමැති වීම විශේෂත්වයකි.

අනතුරුව භානුක රාජපක්ෂ ලකුණු 8කට, වනිඳු හසරංග ලකුණු 5කට හා මහීෂ් තීක්ෂණ එක් ලකුණකට දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 164කට සීමා විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 10ක් අවසන් වන විට ලකුණු 65කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූහ.

එනමුත් අනතුරුව පිටියේ එක්වූ ඩැරිල් මිචෙල් සහ මයිකල් බ්‍රේස්වෙල් හයවැනි කඩුල්ලට ලකුණු 105ක ශතක සබඳතාව ගොඩනැගීම සමගින් නවසීලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 172ක් රැස් කිරීමට සමත් වුණි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට ඇරැඹීමට නියමිතය.

You may like this video

ReeCha