පේපර් කටර් එකක් අරන් නගින්නේ ඇයි කියලා මම අහද්දි...මඩකලපුවේ දිවි බේරාගත් කාන්තාවගෙන් පාපොච්චාරණයක්

Report

රන් භාණ්ඩ කොල්ලකා මඩකලපුවේ පාළු ළිඳකට දමා තිබියදී දිවි බේරාගත් කාන්තාව පාපොච්චාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශන අනුව සිද්ධියට ඍජුව සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ රන් ආභරණ මිලදී ගත් බව කියන තවත් දෙදෙනෙකු සහ ඖෂධහල් හිමිකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඉකුත් 20වෙනිදා කාන්තාවක් පැහැරගෙන ගොස් ඇයගේ රන් ආභරණ කොල්ලකා ඇයව පාළු ළිඳක දමා ගොස් තිබුණු අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම්දීමකට අනුව එම කාන්තාව බේරා ගැනීමට කටයුතු කළා.

ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය පොලිසිය ඇතුලේ ජයටම සමරලා - OIC ට වැඩ වරදි විශේෂ විමර්ශනයක්

ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය පොලිසිය ඇතුලේ ජයටම සමරලා - OIC ට වැඩ වරදි විශේෂ විමර්ශනයක්

ඒ අතර එම ළිඳෙහි තිබූ තවත් කාන්තා මළ සිරුරක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණා. මේ අතර සිද්ධිය වූ දිනයේ දී තමා මුහුණදුන් බියකරු අත්දැකීම පිළිබඳ හෙළි කරමින් මුදවා ගත් කාන්තාව සඳහන් කර ඇත්තේ, ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී තමාට බීම බෝතලයක් පානය කිරීමට ලබාදුන් බවයි.

“පේපර් කටර් එකක් අරන් නගින්නේ ඇයි කියලා මම අහද්දි හරක්ට තණකොළ කපන්න කියලා කිව්වේ. ත්‍රිවිල් එක වෙන පාරක යද්දි මම ඇහුවා ඇයි මේ පාරෙන් යන්නේ කියලා. එතකොට කිව්වා අර නංවා ගත්ත තරුණයාව ඇරලවන්න කියලා. විනාඩි දෙකක් යද්දි මට සිහිය නැති වුණා.”

මාසේ අන්තිම දවසේ රන් මිලෙන් ලොකු වාසියක් - අද ගන්නවා නම් බැහැපු රන් මිල මෙන්න

මාසේ අන්තිම දවසේ රන් මිලෙන් ලොකු වාසියක් - අද ගන්නවා නම් බැහැපු රන් මිල මෙන්න

මේ හාල් අරගෙනත් ඉවරයි - දැඩි හිඟයත් සමඟ මිල රු 400 පනී

මේ හාල් අරගෙනත් ඉවරයි - දැඩි හිඟයත් සමඟ මිල රු 400 පනී