ඉරානෙන් සුබ ආරංචියක් - රජයට පක්ෂපාතී අයට විශේෂ වාසියක්
ඉරානය තුළ අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන්ම විසන්ධි කර අදට දින 32ක් ගත වී ඇති බව විදෙස් වාර්තා කරයි.
ඒ අනුව එරට සාමාන්‍ය ජනතාව පැය 744කට අධික කාලයක් තිස්සේ ලෝකයෙන් හුදකලා වී සිටින අතර, වර්තමානයේ ඉරානයේ අන්තර්ජාල සබඳතාව සාමාන්‍ය මට්ටමට වඩා 1%ක් දක්වා ඉතා අවම මට්ටමකට ඇද වැටී තිබේ.
කෙසේ වෙතත්, රජයේ නිලධාරීන්ට, රජයට පක්ෂපාතී පිරිස්වලට සහ ඇතැම් මාධ්‍යවේදීන්ට පමණක් බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
සෙසු පිරිස් අන්තර්ජාලයට පිවිසීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ස්ටාර්ලින්ක් (Starlink) වැනි සැටලයිට් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට සුළු පිරිසක් සමත්ව සිටියද, ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට ඔවුන්ට සිදුව ඇත.
ඉරාන නීතියට අනුව ස්ටාර්ලින්ක් උපකරණ භාවිත කිරීම හෝ ළඟ තබා ගැනීම වසර දෙකක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, එරට බලධාරීන් මේ වන විටත් එවැනි උපකරණ සොයා දැඩි වැටලීම් ආරම්භ කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ ඉරාන වැසියන් දැඩි සන්නිවේදන අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.