කන්කසන්තුරේ වරාය සංවර්ධන ඉන්දු-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම කඩිනම් කිරීමට විශේෂ සාකච්ඡාවක්

Report

ඉන්දීය රජයේ සහයෝගය ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇති ඉන්දු-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

බලශක්ති, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වූ බව වාර්තා වේ.

හෙට තමයි දවස - ඔබේ දරුවාගේ හැකියාව පොලිසියේදී පෙන්නන්න නියම අවස්ථාවක් - මෙන්න විස්තරේ

හෙට තමයි දවස - ඔබේ දරුවාගේ හැකියාව පොලිසියේදී පෙන්නන්න නියම අවස්ථාවක් - මෙන්න විස්තරේ

මෙම අවස්ථාව සඳහා ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් මෛත්‍රී කුල්කර්නි මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම හමුවට එක්ව සිටියහ.

මෙහිදී යෝජිත අවබෝධතා ගිවිසුම් කෙටුම්පත් සම්බන්ධයෙන් පවතින නීතිමය සහ තාක්ෂණික ගැටලු පිළිබඳව දෙපාර්ශ්වයේම විශේෂ අවධානය යොමු වූ අතර, එම කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස අදහස් හුවමාරු කරගනිමින් එකඟතාවන්ට පැමිණීමට දෙපාර්ශ්වය සමත් වී ඇත.

කන්කසන්තුරේ වරාය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන සේවාවන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන හා වෙළඳ කටයුතු ද තවදුරටත් පුළුල් කිරීමට මහත් පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලංකාවේ රත්තරන් මිල වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රත්තරන් මිල වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

එමෙන්ම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම වෙනුවෙන් දෙරටේම නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවක් සහ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ද මෙහිදී යෝජනා වී තිබේ.