බඩල්කුඹුරෙන් හිස් කබලක් හමුවෙයි.. පොලිස් SI විසින් ඝාතනය කළ කුරුවිට තරුණියගේ හිස දැයිසැකයක්.(VIDEO)

Police Sri Lanka Gossips Traveling bag woman death body Badalkubura tougher girl
By Aruna Nov 08, 2021 12:49 AM GMT
Aruna

Aruna

Report

මීට මාස 08 කට පමණ පෙර පසුගිය මාර්තු මස කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක අතැරදමා තිබියදී හමු වු කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවගේ හිස නැති මළ සිරුරෙන් අතුරුදන්වූ හිස ගැන හෝඩුවාවක් ඉරිදා දිනයේ එකී ඝාතනය සිදු කළ බවට සැක කළ පොලිස් නිලධාරියා විසූ බඩල්කුඹුරින් හමුවී තිබෙයි.

පස්සර බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙම ඝාතනය සිදුකර තිබූ අතර ඔහු ගැන ආරංචි මාධ්‍ය වල පළවීමෙන් පසු පොලිසිය ඔහුව සොයන්නට එනවිට ඔහු සියදිවිනසාගත් නිසා ඝාතනයවූ කාන්තාවගේ හිස ගැන තොරතුරු වසන්ව තිබුණි.

ඒ දිනවල එකී හිස සොයා පොලිසිය දින ගණනාවක් විශාල ගවේෂණයක් සිදු කළ නමුත් හිස හමුවූයේ නැත.

මෙම හිස සෙවීම සඳහා ඒ දිනවල පොලිස් නිලධාරියාගේ නිවසේ තිබූ ගැඹුරු ළිඳ ක්ද ඉස පරීක්ෂා කර තිබූ අතර ඝාතන සීසීටීවී පරීක්ෂාවේදී පොලිස් පරීක්ෂකවරයා එක් මල්ලක් මිලට ගෙන කාන්තාවගේ සිරුර තැන්පත් කර අනෙක් මල්ල කරේ දමාගෙන ගිය ස්වරූපයක් හඳුනාගත් නිසා ඔහු එය අතරමග විසි කරන්නට ඇතැයි සැකය පැනනැගිණි.

උප පොලිස් පරීක්ෂකවරයා කාන්තාව හා නවාතැන් ගෙන සිටි හංවැල්ල ප්‍රදේශයේ නවාතැන් පොළ ආසන්නයේ පිහිටා ඇති කැලණි ගඟට විසි කරන්නට ඇති බවට සැකයක් මත ඒ ගැනද සෝදිසි සිදු කළ මුත් හිස හමු නොවීය.

අනතුරුව පොලිස් නාවික කොට්ඨාසය කැලණි ගඟේ මෝය කටේ සිට හංවැල්ල දක්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.

තරුණියගේ හිස සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඒ දිනවල දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සිදු කිරීමට සිදු විය.

බඩල්කුඹුර ප්‍රදේශයෙන් ඉරිදා හමුවූ හිස්කබල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී හමුවී ඇත.

මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර - පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ ඇති පාළු ඉඩමකදී යි.

ඊයේ (06) මෙම ස්ථානයේ හිස් කබල ප්‍රථමයෙන්ම දැක ඇක්කේ ඉඩම ආසන්නයේ කොකෝවා කැඩීමට ගොස් ඇති වයස අවුරුදු 10ක දරුවෙකුය.පසුව එම දරුවා ඒ පිළිබදව සිය සොයුරියට පවසා ඇති අතර ඇය මිනිස් හිස් කබලක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුන් තොරතුරු මත පොලිසිය ඒ ගැන සොයා බලා හිස්කබල සොයාගන්නා ලදි. මේවන විට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

හිස්කබල හමුවූ ඉඩමෙහි ස්ථානීය පරීක්ෂණයක්ද මොණරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර බණ්ඩාර මහතා අද (07) සිදුකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha