බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්
බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය සදහන් කර තිබේ.
සිය පක්ෂය ඒකමතිකව ගත් තීරණයකට අනුව විශ්වාසභංග යෝජනාව ගෙනඑන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා සදහන් කරයි.
"දැනටමත් අල්ලස් කොමිසම විසින් ඇමතිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්රියාවලිය නිසිලෙස කළමනාකරණය කිරීමට අපොහොසත්වීම යන කරුණු 2ක මත ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනඒමට පියවර ගන්නවා."
"සමගි ජන බලවේගය සමග විපක්ෂයේ කටයුතු කරන අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් සමගත් සාකච්ඡා කරලා වඩා පුළුල් සහයෝගයක් ලබාගන්න අපි කටයුතු කරනවා."
"ඒ වගේම රජය තුළින් තනි මතයට ස්වාධීනව ඡන්දය භාවිත කරන්න පුළුවන් මන්ත්රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා අපිට සහයෝගය දෙන්න." යනුවෙන් ඔහු තවදුරටත් සදහන් කර තිබේ.