සීමිත ගුවන්ගමන් වාර සදහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කරයි
සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහා කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍ය පියවරගෙන ඇත.
ඒ අනුව යුද්ධය ආරම්භ වී සතියකට පසු පළමුවරට සීමිත ගුවන්ගමන් සංඛ්‍යාවක් නැවත ආරම්භ කරන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් මෙලෙස ගුවන් කලාපය විවෘත වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහා පමණක් බව එරට ගුවන් සේවා අධිකාරිය සඳහන් කර තිබේ.
මේ අතර ඉදිරි දිනවලදී ගුවන්ගමන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන සෙසු ගුවන්ගමන් සඳහා තීරණයක් ගන්නා බව කටාර් රාජ්‍යයේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන හමාඩ් ගුවන්තොටුපොළ පරිපාලනය නිවේදනය කර තිබේ.
මෙම සතිය තුලදී ඉරානය විසින් කටාර් ගුවන්තොටුපොළ වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබූණි .
නමුත් එය ව්‍යර්ථ කිරීමට කටාරයට හැකිවිය.