ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා යනුවෙන් සජබ විරෝධතාවයක් අද බත්තරමුල්ලේදී
“ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරන උද්ඝෝෂණය සහ විරෝධතාව අද (24) පෙරවරු 9.00ට බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒකාධිපති ගමනකට මුලපුරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙන අතර, ඊට එකතු වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර, පවතින මතභේදාත්මක වාතාවරණය සැලකිල්ලට ගනිමින් අද පැවැත්වෙන මෙම විරෝධතාවට සහභාගී නොවීමට තීරණය කළ බව ‘ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ ප්රජාතන්ත්රවාදී බලවේග එක් පොදු වේදිකාවකට ගෙන ඒම සිය අරමුණ වූ බවත්, අපේක්ෂිත ආකාරයෙන් විරෝධතාව ක්‍රියාත්මක නොවීම පිළිබඳව කනගාටුව පළ කරන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇත.