මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් ලේකම්වරියට ප්‍රහාරයක්

Report

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම සභාවේ ලේකම්වරියට පහරදීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලේකම්වරිය මේ වනවිට ප්‍රතිකාර සඳහා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත.

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

වාර්තා වන පරිදි අද (30) උදෑසන ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළ පිහිටි ලේකම්වරියගේ කාර්යාලයට පැමිණි සභාපතිවරයා, සභාවට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් විවාදයක් ඇතිකරගෙන ඇති අතර එම බහින්බස් වීම උණුසුම් තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදු වී ඇති බව සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලේකම්වරිය මතුගම පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව මතුගම පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද වාර්තා වෙයි.

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නැවතුණු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්