පොර්ට් සිටියට අනවසරයෙන් ඇතුල් වීමට උත්සාහ දැරූ චීන ජාතිකයෙකු ඇතුළු 05ක් අත්අඩංගුවට
colombo
arrested
chinese
port city
pothuvil
By Sewvandhi
කොළඹ වරාය නගර පරිශ්‍රය වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේ දී චීන ජාතිකයෙකු සහ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරාය නගරය ආසන්න අධිවේගි මාර්ග පද්ධතිය සංවර්ධන කටයුතු සඳහා මිනිස් ශ්‍රමය සපයන ආයතනයක සේවය කළ අදාළ චීන ජාතිකයා විසින් පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු වරාය නගරයට ඇතුළු කිරීමට උත්සහ කර ඇති බව පොලීසිය පැවසුවේ.
වරාය නගරයට පුද්ගලයින් ඇතුළු කිරිම සඳහා අනුගමනය කළ යුතු නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරිම හේතුවෙන් චීන ජාතිකයා ඇතුළු පිරිස වරාය අධිකාරියේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලීසියට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
සැකකරුවන් 05 දෙනා අද (19) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
