තවත් ප්‍රබලයෝ හයකට ළඟදීම නඩු ?
හිටපු ප්‍රබල අමාත්‍යවරුන් සිව්දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට අල්ලස් චෝදනා යටතේ ඉදිරියේදී කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අය අතරේ කොළඹ, කුරුණෑගල, බදුල්ල හා මඩකලපුව යන දිස්ත්‍රික්ක නියෝජනය කළ හිටපු ප්‍රබල ඇමතිවරුන් වනවා.
එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ අල්ලස් චෝදනා යටතේ සිදු සිදු කළ විමර්ශන අවසන් කරමින් මෙලෙස නඩු පැවරීමට අදාළ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති බවයි.
මේ සියලු ම විමර්ශන 2015 වසරෙන් පසු ආරම්භ කළ ඒවා බව ද එම ආරංචි මාර්ග පවසනවා.
මෙම අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය බලය අනිසි ලෙස භාවිත කරමින් මෙම අල්ලස් ගැනීමේ වැරදි සිදු කොට ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළා.
මෙම නඩු පැවරීම් සිදු කරනු ලබන්නේ සිය බලය අනිසි ලෙස යොදා ගනිමින් රජයට පාඩු කිරීම සහ අයථා ලෙස මුදල් එක රැස් කිරීම යන අල්ලස් කොමිෂන් සභාවේ 70 වන වගන්තියට අනුව බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
