ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශයේ වත්කම් විමර්ශන අංශය විසින් වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවකට ගලෙන්බිඳුණුවැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ සමන්ත නාමල් විජේරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු සභාපතිවරයා වෙත දන්වා ඇති අතර ඒ හිටපු සභාපතිවරයා විසින් පසුගිය 2011-2016 දක්වා කාලයේදී ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර එම කාලය තුළදී වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනය සදහාය.
නමුත් අදාළ කැඳවීමේ ලිපි මත හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් 2023 අංක 09 දරණ දුෂණ විරෝධි පනතේ 126 හා 127(1) (උ) වගන්තිය යටතේ විමර්ශනයට සහය නොදැක්විම යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
අද (24)දින අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එළැඹෙන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමටද අධිකරණය නියෝග කර ඇත.