ගැඹුරු මුහුදේ ආපදාවකට ලක් වූ යාත්‍රාවේ සිටි ධීවරයන් හය දෙනෙකු බේරා ගැනේ...

By Parami Dissanayake May 31, 2024 02:51 PM GMT
Report

දෙවුන්දර තුඩුවේ සිට කිලෝ මීටර් 889 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ දී ආපදාවට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ හය දෙනෙකු ජපන් වෙළෙද නෞකාවකට දැනුම්දීමෙන් අනතුරුව අද දින නිරුපද්‍රිතව බේරාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගයාන් වික්‍රමසූරිය පවසා සිටිනවා.

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 03 වැනිදා දිවයිනට...

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 03 වැනිදා දිවයිනට...

ඉකුත් මාර්තු මස 21 වන දින බහුදින ධීවර යාත්‍රාවකින් එම ධීවරයන් හය දෙනා වෙන්නප්පුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ අතර,එම යාත්‍රාව ආපදාවට ලක්ව ඇති බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණි.

කුරුණෑගල නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි...

කුරුණෑගල නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි...

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගන්නා ලද ජපන් වෙළඳ නෞකාවක් දැනුවත් කර ආපදාවට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා නිරුපද්‍රිතව මුදවා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

කෙසේ වෙතත්,එම ධීවරයන් 6 දෙනා එම වෙළෙද නෞකාව මගින් මෙරට හම්බන්තොට වරායට රැගෙන ඒමට නියමිත බව ද ගයාන් වික්‍රමසූරිය පවසා ඇත.