මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 03 වැනිදා දිවයිනට...

Report

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා ලබන 03 සිට 06 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා නිරත වීමට නියමිත ය.

මෙම සංචාරයේ දී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමට නියමිත ය.

කුරුණෑගල නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි...

කුරුණෑගල නීති විරෝධී විදේශ රැකියා ආයතනයක් වටලයි...

එමෙන්ම, මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇති බව සඳහන් වේ.

මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍ය සමීර් මහතා සමඟ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක් වීමට නියමිත ය.