ජනපති හමුවේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ හය දෙනෙක් අක්තපත්‍ර භාර දෙයි[PHOTOS]
අද(24) දින ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල ලෙස සිය අක්තපත්‍ර භාර දුන් බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට මෙරට ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේ තානාපති කාර්යාලයට අදාළ තානාපතිවරයා වශයෙන් පත්ව සිටින සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) මහතාද අක්තපත්‍ර භාර දුන් රාජතාන්ත්‍රිකයින් අතර සිටීම විශේෂත්වයක් වුණා.
එසේම මෙරට තානාපති කාර්යාලයක් විවෘත කළ පළමු මධ්‍යම ආසියානු රට වන්නේද කසකස්තානය බව සඳහන්.
මේ අතර මෙසේ පත්ව ඇත්තේ එරිත්‍රියා රාජ්‍යය, උස්බෙකිස්තාන ජනරජය, ජෝර්දානයේ හෂෙමයිට් රාජධානිය, භූතාන රාජධානිය සඳහා නව තානාපතිවරුද, ෆිජි ජනරජය සඳහා නව මහ කොමසාරිවරයෙක්.
ඒ අනුව අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ සහ මහ කොමසාරිස්වරයාගේ නාම ලේඛනය පහත සඳහන් වේ.
01. අලෙම් වෝල්ඩෙමරියම් (Mr. Alem Woldemariam) මහතා - නවදිල්ලියේ නේවාසික එරිත්‍රියා රාජ්‍යයේ තානාපති
02. ජග්න්නාත් සාමි (Mr. Jagnnath Sami) මහතා - නවදිල්ලියේ නේවාසික ෆිජි ජනරජයේ මහ කොමසාරිස්
03. අලිෂෙර් ටුක්ටායෙව් (Mr. Alisher Tukhtaev) මහතා - ඉස්ලාමාබාද්හි නේවාසික උස්බෙකිස්තාන ජනරජයේ තානාපති
04. යූසෙෆ් මුස්තාෆා අබ්ඩෙල්ඝානි (Mr. Yousef Mustafa Abdelghani) මහතා - නවදිල්ලියේ නේවාසික ජෝර්දාන රාජධානියේ තානාපති
05. සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) මහතා - කොළඹ නේවාසික කසකස්තාන ජනරජයේ තානාපති
06. ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී (Ms. Dasho Karma Hamu Dorjee) මහත්මිය - ඩකා නගරයේ නේවාසික භූතාන රාජධානියේ තානාපති මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද එක්ව සිටි බව සඳහන්.







