බිහාර් අශෝක්ධම් කෝවිලේ සිරවී හයක් මරුට - පෝලිමේ තල්ලු කිරීමෙන් වූ ඛේදනීය තෙරපීම

Report

බිහාර් ප්‍රාන්තයේ ලඛිසරෙයි ප්‍රදේශයේ අශෝක්ධම් කෝවිලේ සඳුදා සිදුවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

දේවාල භූමියේ විදුලි රැහැනක් කඩා වැටීමත් සමඟ ජනතාව කලබල වී දිව යාම හේතුවෙන් මෙම තෙරපීම හටගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ බැතිමතෙකු පැවසුවේ, කෝවිලට ඇතුළුවීම සඳහා දිගු පෝලිමක කාන්තාවන් රැඳී සිටි බවයි.

කාන්තාවන් පිරිසක් ඉදිරියට තල්ලු කිරීමත් සමඟ තදබදය ඇතිවී කිහිපදෙනෙකු බිම ඇද වැටී ඇති අතර, පසුව තවත් පිරිසක් ඔවුන් මතට වැටී තිබේ

අධික තදබදය හේතුවෙන් කිහිපදෙනෙකු සෙනඟ අතර සිරවී සිහිසුන් වූ බවද බැතිමතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බිහාර් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.