සංචරණ සීමා ඉවත් වීමෙන් පසු සිදු වූ භයානක තත්වය
srilanka
Gossip
By Sithumi
පළාත් අතර සංචරණ සීමා අද (31) දිනයේ ඉවත් කිරීමත් සමග සිය අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා ජනතාව වැඩි වශයෙන් මාර්ග වෙත පැමිණ තිබුණි.
මෙවන් පසුබිමක ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව පරිශ්‍රයට විශාල පිරිසක් විනෝදවීම සඳහා පැමිණ තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු වගකීම්විරහිත ලෙස හැසිරෙන ආකාරය ද දැකගත හැකිවිය.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ජනතාව වගකීමෙන් කටයුතු නොකළොත් ඉදිරියේදී ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් රටට උදාවෙනු ඇති බවය.
"යම් තරමකට රෝගීන් වැඩිවීමේ ලක්ෂණ ඇතැම් ප්‍රදේශවලින් මේ වෙනකොට පෙන්නුම් කරනවා. ඒ නිසා වගකීමෙන් කටයුතු කරන්න. එහෙම නොවුනොත් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් ඉදිරියේදී රටට උදාවෙයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |