තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප ලීක් කරපු නෑණාට අවසානයේ සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka Crime
By Wayomi Aug 08, 2023 09:40 AM GMT
Wayomi

Wayomi

Report

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින්ට යෑවූ කාන්තාවක් මහනුවර පරිගණක අපාරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකාරිය මාතලේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්.

මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාව තම නිරුවත් ඡායාරූප කිසිවෙකු විසින් වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පසුව සිදුකෙරුණු විමර්ශනවලදී අදාළ කාන්තාව පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම සැකකාර කාන්තාව සහ නෑනා කලක් මිත්‍රත්වයෙන් සිට මේ වනවිට අමනාපයෙන් පසුවන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha