සිරිල් ගාමිණී පියතුමන්ට අද සිදු වූ දේ මෙන්න.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ දෙවන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.
එම පියතුමන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඊයේ පෙරවරුවේ මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, එහිදී එතුමන්ගෙන් පැය අටකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.
මේ අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය - ආනපල්ලම ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගෙවත්තක පවත්වාගෙන ගිය ගංජා වගාවක් සහ වියළි ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අද (160 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් සිය ගෙවත්තේ මෙම ගංජා වගාව සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, එම වගාවේ තිබී ගංජා ගස් දහයක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගැනුණා.
මීට අමතරව වියළි ගංජා ග්‍රෑම් එකසිය පනහක් සහ තවාන් කිරීම සඳහා සූදානම් කළ ගංජා ඇට බීජ ග්‍රෑම් තුන්සිය විසිපහක් ද සොයා ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු ආනපල්ලම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු වන අතර, සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
