අගමැති ගෙදර යන දවස අද ද..?

pakistan prime minister World news sri lanka sinhala news Gagana news today trending news
By krishani Apr 09, 2022 07:14 AM GMT
krishani

krishani

Report

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (9) ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්දයට මුහුණ දීමට නියමිතයි.

පකිස්ථාන විපක්ෂය විසින් ඉම්රාන් ඛාන් නායකත්වය දරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයද ඇතිව ගෙන ආ මෙම විශ්වාසභංගය නීති විරෝධී යැයි පවසමින් පාකිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කලා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ සමගම ඉම්රාන් ඛාන් මහතා ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් කැදෙව්වා.

එය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විශ්වාසභංගය ගෙන ආ පාකිස්තාන විපක්ෂය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ලබා දුන්නා.

ඉන් කියවුණේ නියෝජ්‍ය කතානායකවරයා දුන් තීන්දුව වැරදි බැවින් යළි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ගන්නා ලෙසටයි. විශ්වාසභංග තීන්දුව ඒ නිසාම අගමැති ඉම්රාන් ඛාන් විසින් පාර්ලිමේන්තුව විසුරුවීමද නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව අද (9) ඉම්රාන් ඛාන් මහතාට එරෙහි පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමට නියමිතයි. නියෝජිත ආසන 342 කින් සමන්විත පාකිස්තාන පාර්ලිමේන්තුවේ එම විස්වාසභංගය ජය ගැනීම සඳහා විපක්ෂයට මන්ත්‍රීවරු 172 කගේ සහාය අවශ්‍ය වනවා.

මේ වන විටත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිව තිබෙන බැවින් එම විශ්වාසභංගයෙන් ඔහු පරාජය වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now