ඖෂධ මිල ගැන තීරණයක් - ගැසට් නොකළ ඖෂධ මිලත් ඉහළට..

medicine sri lanka gazette gagana news Sri lanka sinhala news today trending news
By krishani Apr 09, 2022 05:35 AM GMT
krishani

krishani

Report

මීට පෙර ගැසට් පත්‍රයේ පළ නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදනවල මිල ගණන් ද ඊයේ (08) සිට බලපැවැත්වෙන පරිදි සියයට විස්සක උපරිමයකින් ඉහළ නැංවීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

රුපියල අවප්‍රමාණවීම සැළකිල්ලට ගෙන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි මෙම තීරණයට එළඹි බවයි ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

මෙම මිල ඉහළ නැංවීම පසුගිය මාර්තු 11 වනදා ඖෂධවල මිල සංශෝධනයට අමතරව සිදුකළ හැකි බවයි ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත ලිපියක් යොමු කරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now