විදුලි අර්බුදය නිසා දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල සබදතාවලට භයානක තත්ත්වයක්...
විදුලිය බිද වැටීමත් සමග දුරකථන ඇමතුම් ඇතුළු සන්නිවේදන සබදතා ද බිද වැටෙන බවට ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.
පැය ගණනාවක් අඛණ්ඩව විදුලි විසන්ධි කිරීම හමුවේ ඇතැම් ප්‍රදේශවල දුරකථන සංඥා ගැටලු මතුව ඇති බව තාක්ෂණ අමාත්‍යංශය ද පැවසුවා.
විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටෙන තත්වයක් මතුව ඇත.
දිගු වේලාවක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය 3G සහ 4G සම්ප්‍රේශණ ජාල පද්ධතියට බාධා ඇති වන බව ජංගම දුරකථන සේවා සපයන සමාගම් පවසා තිබුණා.
බාධාවන්ගෙන් තොරව සබඳතා සැපයීම සඳහා සංඥා කුළුණු මධ්‍යස්ථාන හා විකල්ප විදුලි සැපයුම් පද්ධතීන්ගෙන් සමන්විත වුවද ජාතික විදුලිබල පද්ධතියේ දීර්ඝ විදුලි කප්පාදු පවතින අවස්ථාවන්හිදී, විකල්ප විදුලි සැපයුම් පද්ධති සීමිත වී ඇති බවයි ඇතැම් සමාගම් නිළ වශයෙන් දන්වා ඇත්තේ.
ඒ හේතුවෙන් සන්නිවේදන බාධා ඇතිවිය හැකි බව එම සමාගම් පවසා තිබුණා.
මේ සම්බන්ධයෙන් විදුලි සංදේශන කොමිසන් සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති ජයන්ත ද සිල්වා පැවසුවේ, සංඥා කුළුණුවල විදුලිය විසන්ධි වූ අවස්ථාවල විදුලිය ලබා ගැනීමට ඇති ජනන යන්ත්‍රවලට ඩීසල් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
මේ හේතුවෙන් ඇතැම් සංඥා කුළුණු සම්පූර්ණයෙන්ම අක්‍රීය වී තිබෙනවා. ඒ අනුවයි එමගින් ආවරණ වන කලාප ආශ්‍රිතව අන්තර්ජාල සේවාවලටද ගැටලු පැන නැගී ඇත්තේ.
ඊට විසදුමක් ලෙස සෑම දුරකථන සංඥා කුළුණකටම ඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශන කොමිසන් සභාවේ සභාපති ජයන්ත ද සිල්වා පැවසුවේ.
මීට පෙරද ඩීසල් ලීටර් 30,000ක් තමාගේ මැදිහත් වීමෙන් දුරකථන සංඥා කුළුණු වෙත ලබා දුන් බව ඔහු කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |