හරි අපූරුයි ! විවෘත කරලා පැය 24න් මධ්‍යම අධිවේගයේ සිදු වූ දේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15) දින ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ එනම් ඊයේ (16) දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා ) රු. 2,805,100.00 ක ආදායමක් උපයා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
ගත වූ පළමු පැය 12 තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583 ක් ගමන් කර ඇති අතර කිසිඳු රිය අනතුරක් සිදු වී නොමැත.
මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වාත් ගැට්ටුවාන සිට මීරිගම දක්වාත් මහජනතාවට පසුගිය සෙනසුරාදා ( 15-01-2022 ) මධ්‍යම රාත්‍රියේ සිට ඉරිදා දහවල් 12 දක්වා නොමිලේ ගමන් කිරීමට අවසර ලබා දුන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |