ප්‍රභූවරුන්ට ලැබෙන සාමාන්‍ය වැසියන්ට නොලැබෙන මොකක්ද මේ ගුවන්තොටුපොළේ කතාව ?
trending news
gagana news
today news
Sri lanka sinhala news
Bandaranayake International Airport
By krishani
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසීය.
මින් ඉදිරියට විශේෂ වරප්‍රසාද ලද ප්‍රභූ පුද්ගලයන්ට පමණක් මෙම පර්යන්තයේ ගමන් කිරීමට අවසර ඇති බවත් ඔවුන් සමග ගමන් ගන්නා හිත මිතුරන් ඇතුළු සාමාන්‍ය පුද්ගලයන්ට එම පරීශ්‍රය හරහා ගමන් කිරීම තහනම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ගුවන් යානා නතර කරන ස්ථානයට ගොස් කිසියම් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සදහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්, උප සභාපතිවරයාගෙන්, හෝ කළමනාකාරවරයාගෙන් අවසර ලබාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |