බැංකු රැසක් කඩා බර ගානක් කොල්ල කෑ සැකකරුවෙකු පොලිසියට මාට්ටු වෙලා

today news sri lanka sinhala news Gagana news Trending news Suspect arrested
By krishani Jan 17, 2022 02:59 AM GMT
krishani

krishani

Report

අපරාධ රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේදී ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16) සවස් කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අදාළ සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී බද්දේගම සණස බැංකුව බිඳ රුපියල් 954,094ක මුදලක් සොරකම් කිරීම, පිටිගල මත්තක සමෘද්ධි බැංකුව බිඳ රුපියල් 30,000ක මුදලක් සොරකම් කිරීම, ඇල්පිටිය ඇත්කඳුර සණස බැංකුව බිඳ මුදල් හා දේපොළ සොරකම් කිරීම සහ තෙලිකඩ, ගරදෙවල ග්‍රාමීය බැංකුව බිඳ රුපියල් 485,000ක මුදලක් හා රුපියල් 900,000ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම යන සිදුවීම් සඳහා සම්බන්ධ බවට අනාවරණව වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි මීවැඩුම, බද්දේගම ප්‍රදේශයේ පදිංචිරුකවෙකු බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු හට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුකර ඇත බව අනාවරණයවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම සැකකරු ඊයේ (16) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now