පාසල් ළමුන්ටත් ලබන සතියේ දෙවන මාත්‍රාවක්(VIDEO)

sri lanka vaccination sinhala news trending news gagana news school children
By krishani Jan 17, 2022 12:56 AM GMT
krishani

krishani

Report

වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් ළමුන් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම ලබන සතිය තුළ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වන විට මෙරට තුළ එන්නත්කරණය ඉතා සාර්ථකව සිදුකරමින් පවතින බවය.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම අදහස් පළ කළේය.

"පාසල් දරුවන්ගේ එන්නත්කරණයත් සාර්ථකව ඉරියට ගිහිල්ල තියෙනවා. ඒ වාගේම අවුරුදු 16ත් 19ත් අතර කාණ්ඩයේ දෙවන මාත්‍රාව ලබාගැනීමට ඔවුන් සුදුසුකම් ලබනවා තවත් දින කිහිපයකින් මාස තුන සම්පූර්ණ වූ පසු. දෙවන මාත්‍රාව ලබාදීම සඳහාත් අපි කටයුතු යොදනවා. අපට ප්‍රමාණවත් පරිදි එන්නත් ලැබිලා තියෙනවා ෆයිසර් එන්නත. ඔබට මතක ඇති පසුගිය කාලයේ හමුබන්තොට විතරක් ෆයිසර් දුන්නා කියලා රජයට ලොකු දෝෂාරෝපණයක් එල්ල කළා. ඒ වගේම ඇතැම් වයස් කණ්ඩවලට විතරක් ෆයිසර් එන්නත දුන්නා කියලා තවත් දෝෂාරෝපණයක් එල්ල වුණා. නමුත් මේ වන විට ජනතාව ඉල්ලපු ෆයිසර් එන්නත සියලු දෙනාට අඩුවක් නැතුව ගෙන එන්න අපි කටයුතු කරලා තියෙනවා . ඒ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා විශේෂයෙන් සිනෝෆාම් එන්නත මත තමයි අද ෆයිසර් බූස්ටර් එන්නතේ ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ. ඉහළම සාර්ථකත්වයක් තිබෙනවා කියලා අපිට පෙනෙන්ට තිබෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now