ලොවක් කම්පා කරමින් කොවිඩ් නිසා මියගිය හිම දිවියා

trending news gagana news hot news Sri lanka sinhala news
By krishani Jan 10, 2022 07:29 AM GMT
krishani

krishani

Report

ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ බ්ලුමින්ග්ටන්හි පිහිටි Miller Prak සත්වෝද්‍යානයේ වාසය කළ හිම දිවියකු කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ පිළිබඳව එම සත්වෝද්‍යානය ද පසුගියදා සිය සමාජ මාධ්‍ය ගිණුම් උස්ස අනාවරණය කර තිබේ.

රිලු නමින් හැඳින්වෙන මෙම හිම දිවියා පිරිමි සත්වයෙකි.

රිලු මිය යන විට අවුරුදු 11 පමණ වයසය පසුවූ බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.

කොවිඩ් ආසාදනය වීම නිසා ඇති වූ දරුණු නිව්මෝනියා තත්ත්වයක් සත්ත්වයාගේ මරණයට හේතුවි තිබේ.

2011 වසරේදී ඔක්ලොහෝමා නගර සත්වෝද්‍යානය සිට රිලු වූ මෙම මිල පාක් සත්වෝද්‍යානය වෙත පැමිණ තිබේ ගෙවුනු කාලයේදී රිලු පැටවුන් හත්දෙනකු මෙලොවට දායාද කිරීමට සමත්ව තිබේ.

විශේෂයෙන් සතුන් රැක ගැනීමේ වැඩසටහනක් යටතේ ඔවුන් ඇතිදැඩි වෙන බවද සඳහන් වෙයි.

රිලුගේ දායකත්වයත් සමග අද වන විට ලෝක හිම දිවි පැටවුන් බිහිකරන ලොව මුල් පෙළේ ආයතනයක් බවට ද මිලර් පාක් සත්වෝද්‍යාන පත් වූ බව එහි බලධාරීන් සඳහන් කරයි.

අද වන විට නිව්යෝර්ක් නුවර එම්පබර් ස්ටේට් ගොඩනැගිල්ලේ ද ඇතුළුව ලොව රටවල් බොහොමයකදී රිලුගේ ඡායාරූප ප්‍රදර්ශනයට තබා ඇතැයි සත්වෝද්‍යාන සඳහන් කරයි.

එසේම රිලු අහිමි වීම තමන්ට ද දරුණු පාඩුවක් බව ද ඔවුන් පවසයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now