සුපිරි කෝච්චියක් කොළඹින් යාපනයට දුවයි - කෑම-බීම-AC-TV පහසුකම් රැසක් එක්ක online බුක් කරන්නත් පුලුවන්
දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීමේ තවත් එක් පියවරක් ලෙස කොළඹ අගනුවර සිට උතුරුකරයේ කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන් හට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කෙරෙණි.
ඒ ඊයේ පෙ.ව. 5.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ආරම්භ කළ සුබෝපභෝගී දුම්රියයි.මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් පැමිණිමට ධාවන කාල සටහන සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නවීන තාක්ෂණය අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ ආසන 520කින් සමන්විත මැදිරි 10 ක් සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත.
එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මෙම දුම්රිය තුල ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කටයුතු යොදා ඇත. ඒ අතර සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වේ.
මෙම දුම්රියේ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන මගීන් හට මසකට පෙර සිට ජාලගත ක්‍රමයට (Online) ඊ ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට හැකිවන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදිගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500කි.
මෙම දුම්රිය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකසා ඇත.
දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ.
ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |