ප්‍රසිද්ධ ගායකයෙක් තමන්ගේ බිරිඳගෙම නිරුවත සමාජ මාධ්‍යයෙන් බෙදලා - වරදත් පිළිගෙන
තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ දින (20) ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අඳාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා අධිකරණයේ පෙනී සිටි අතර, අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව සැකකරුට ඉදිරිපත් කළා.
එහිදී සැකකරු සඳහා පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට කැමැති බව ප්‍රකාශ කළා.
අඳාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ සැකකරුගේ බිරිඳ ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින්. වසර දහයක් පමණ සැකකරු සමඟ ජීවත්ව තිබෙන මෙම බිරිඳ සැකකරුගේ නොමනා ක්‍රියා කලාප නිසා නිවස අතහැර සිය මවගේ නිවසට ගොස් ජපානයේ තරුණයකු සමඟ දුරකථනයෙන් සුහදතා පවත්වා ඇත.
පසුව සමථයකට පත්ව ගායකයා සමඟ නැවත විවාහ දිවිය ගෙවා ඇති බව වාර්තා වේ.
එහිදී පැමිණිලිකාරියගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ යොමු කළ මැසේජ් පරික්ෂා කර ඇති සැකකරු එහි පණිවිඩ හුවමාරුවේදී ලබාගත් නිරුවත් ඡායාරූපයක් දැක එම ඡායාරූපය බිරිඳගේ නැගණියට යොමු කර ඇත.
ඒ අනුව තම ඡායාරූප වට්ස් ඇප් ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට බිරිඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම නඩුව 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනතේ (2) (අ) සහ 2 (ආ) යන වගන්ති ඔස්සේ අසභ්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීමට එරෙහිව චෝදනා ගොනු කරමින් පවරා ඇත.
මේ අතර සැකකරු අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන මෙන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
කෙසේ වෙතත් අඳාළ පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී නොසිටීම යන කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබන දෙසැම්බර් 19 වැනිදා නැවත නඩුව කැඳවීමට නියෝග කර තිබෙනවා.