සිංගප්පුරුවේ පාර්ලිමේන්තුව විසුරුවයි

Singapore Election World
By Hashini Apr 15, 2025 09:25 AM GMT
Hashini

Hashini

Report

 සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන 14 වන මහ මැතිවරණය වනවා.

එරට අගමැති ධුරයට පත් ලෝරන්ස් වොන්ග්ගේ පළමු මැතිවරණය ද මෙය වනවා.

2020 මහ මැතිවරණයේදී, පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඡන්දවලින් 61.24% ක් ලබා ගත්තා.

එම මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 93න් 83 ක් දිනා ගත්තේය. 

පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ReeCha