රිදී හැන්දක් නැතුව කන්න බෑ කියූ භූ විද්‍යා ලොක්කා කරපු දේ.
Government Of Sri Lanka
By Wayomi
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ඉහළ නිලධාරියෙකුට ආහාර පාන ගැනීම සඳහා රුපියල් 42,000ක් වැය කර රිදී මිශ්‍රිත හැඳි හයක් මිලදී ගෙන ඇති බව වාර්තා වෙනවා.
එම කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම නිලධාරියා ආහාර ගැනීමේදී භාවිත කරන හැඳි පරණ වී ඇති බැවින් මෙසේ අලුතින් හැඳි මිලදී ගෙන ඇති බවයි.
අනෙක් නිලධාරීන් විසින් බත්තරමුල්ලේ සුපිරි වෙළඳසලකින් රුපියල් 5,000කට හැඳි හයක් මිලදී ගෙන අදාළ ඉහළ නිලධාරියාට ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ නිලධාරියා එය පරීක්ෂා කර බලා තමන් බලාපොරොත්තු වන තත්ත්වයේ නැති බැවින් හොඳම තත්ත්වයේ හැඳි ගෙන එන ලෙස උපදෙස් දී තිබෙනවා.
ඉන්පසුව අනෙක් නිලධාරීන් හැඳි හයක් ගෙනැවිත් ඇති අතර රිදී මිශ්‍රිත බව කියන එම හැඳි හයට රුපියල් 42,000ක් වැය වී ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |