කාලගුණයේ හදිසි වෙනසක් - අද පස්වරු 02න් පසු වෙන්න යනදේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකිය අනුව, අද (02) පස්වරු 2.00න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ඇති වීමේ අවදානමක් ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් නිවේදනයේ සඳහන් වේ.
මේ නිසා එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය ආරක්ෂාව ගැනීමට කටයුතු කරන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දෙයි.