සුදු වෙන්න ද හිත හිත ඉන්නේ?. සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන වගේම.. හිස කෙස් වර්ණක ගැනත්.. දැනුම්දීමක් මෙන්න..

Report

අද (21) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් පිටකොටුව ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් හදිසි වැටලීමකට ලක් කළේ ය. 

එහිදී සම පැහැපත් කරන ක්‍රීම්වර්ග, ආලේපන වර්ග, සුවඳ විලවුන්, සබන්, හිස කෙස් වර්ණක පිළිබඳව විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබීය.

ඔයාගෙ බැංකු ගිණුම මෙහෙම ද විවෘත කළේ?. ගිණුමේ මුදල්?. වහාම 31 වෙනිදට කලින් කරන්න ඕන දෙයක් මෙන්න..

ඔයාගෙ බැංකු ගිණුම මෙහෙම ද විවෘත කළේ?. ගිණුමේ මුදල්?. වහාම 31 වෙනිදට කලින් කරන්න ඕන දෙයක් මෙන්න..

මෙම පරික්ෂා කිරීම්වල දී ආනයනකරුගේ නම සඳහන් නොමැති ගුණාත්මක බවෙන් අඩු රූපලාවන්‍ය ද්‍රව්‍ය එම නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කළේ ය.

එලෙස ආනයනකරුවන්ගේ නම සඳහන් නොමැති රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන්ට තරයේ අවවාද කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම අවස්ථාවේ කටයුතු කරනු ලැබුවේ ය.

ජැක්සන් ඇන්තනීගේ බෑණනුවන්, පොලීසියට අල්ලගෙන ගිහින්.. ගේ ඉස්සරහ කඩේට යන ටිකට වෙලා තියෙන දෙය.. මාලිමාව ගැනත් කියයි.. (PHOTOS)

ජැක්සන් ඇන්තනීගේ බෑණනුවන්, පොලීසියට අල්ලගෙන ගිහින්.. ගේ ඉස්සරහ කඩේට යන ටිකට වෙලා තියෙන දෙය.. මාලිමාව ගැනත් කියයි.. (PHOTOS)

එමෙන්ම, එම වෙළඳුන්ට එරෙහිව අලුත්කඩේ අධිකරණයේ නඩු පැවරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂක ජනරාල් තිලකරත්න බණ්ඩා පැවසුවේ මෙවැනි ආකාරයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම් දී කාන්තාවන් ඉතා සැළකිලිමත් විය යුතු බවයි.

එමෙන්ම, මෙවැනි නිෂ්පාදන තුළ බැර ලෝහ වර්ග ඇතුළත් වීමට හැකි බවත්, ඒ තුළින් සමට ඉතා අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ ය. 

You May Like This Video👇 

.