මහ රෑ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Death Gun Shooting
By Aruna Jun 20, 2023 11:55 PM GMT
Aruna

Aruna

Report

හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය විසින් දැනුම්දී තිබෙනවා.

හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇත.

මොහු ඊයේ(20) දින රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. දෙපාර්ශවය අතර කලක සිට පැවති ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවයි පොලිසිය පවසනවා.