අධිවේගී මාර්ගයක බිහිසුණු වෙඩි තැබීමක්..
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන ඉලක්ක කර වෙඩිතැබීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඉන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිදු මරණයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර, වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණේ අධිවේගී මාර්ගය දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට වන අතර පළාගිය වෙඩික්කරු සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව 30 හැවිරිදි ජෝශප් කවුච් නම් සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
පොලීසිය අනතුරු අඟවා තිබෙන්නේ, ඔහු සන්නද්ධ සහ භයානක අපරාධකරුවෙකු ලෙස හඳුන්වා ඇති අතර, ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව රැඳී සිටින ලෙසටයි.