පොලිස් මාමා පොලිස් කාරයා බවට පත් කළේ ජවිපෙ -මුජිබර් රහුමාන්

Report

පොලිස් ඉතිහාසය තුළ පොලිස් මාමා පොලිස් කාරයා බවට පත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල නිසා බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා නගනවා.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව ප්‍රකාශ කළා.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් පොලිස් දිනය දා පොලිස් මාමා පොලිස්කාරයා වුණ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. අතිතයේ පොලිසිය හැදින්වුයේ සාමය පවත්වාගෙන යන නිලධාරින් ලෙසයි. ඔවුන් සන්නද්ධ හමුදාවක් නෙවෙයි. සුඵ සිද්ධින් සමනය කරන්න තමයි පොලිසිය පිහිටුවා තිබුණේ. පොලිස් මාමා පොලිස්කාරයා වුණේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි. 71 කැරැල්ලේදි ජවිපෙ පොලිස් නිලධාරින් මැරුවා.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

ඒ වගේම 88, 89 කැරැල්ලෙදි ජවිපෙ පොලිස් නිලධාරින් හා ඔවුන්ගේ පවුල් අයව මැරුවා. ඉන්පසු පොලිසියට එරෙහිව ජවිපෙ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළා.

ඊට පස්සේ තමයි පොලිසිය ප්‍රචණ්ඩ වුණේ.බැටන් පොල්ල තිබුණ පොලිසියට අවි ගන්න පරිසරය හැදුවේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වය නැති කරන්න තමයි පොලිසිය ප්‍රචණ්ඩ වුණේ . ඒ නිසා පොලීසිය ප්‍රචණ්ඩ වීම ගැන පොලිසියට දොස් කියන්න අයිතියක් නැහැ. යනුවෙනි

මිද්දෙණියෙන් හමුවූ පද්මෙගේ බඩු ගැන පිස්සු හැදෙන කතාවක් - බඩු අද ගොඩ ගනී

මිද්දෙණියෙන් හමුවූ පද්මෙගේ බඩු ගැන පිස්සු හැදෙන කතාවක් - බඩු අද ගොඩ ගනී