සිසුවියක් සිසුන් 22ක් විසින් සමූහ දූෂණය කළ පාසලේ තවත් සිසුවියට සිදුවූ දේ..

Report

තණමල්විල ජාතික පාසලේ 08 වසරේ ඉගෙනුම ලබන තවත් සිසුවියක අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව එම පාසලේම 11 වසරේ සිසුවෙකු තණමල්විල පොලිසිය මගින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ගගේයාය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි පැවසෙන්නේ.

නාගයෙක් කට ඇතුලෙ තියාගත් තරුණයෙක්ට අත්වූ අවාසනාවන්ත ඉරණම..(VIDEO)

නාගයෙක් කට ඇතුලෙ තියාගත් තරුණයෙක්ට අත්වූ අවාසනාවන්ත ඉරණම..(VIDEO)


එම ශිෂ්‍යාවගෙන් තණමල්විල පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී ඇත්තේ, මාසයකට පමණ පෙර දැරිය සිය ආච්චිගේ නිවසට ගිය අවස්ථාවේදී අදාල සිසුවා විසින් දැරියව අපයෝජනය කර ඇති බවයි.

ඒ අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට පෙරද සිසුන් 22කු එක්ව සිසුවියක වසරක් තිස්සේ සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවිම වාර්තා වුයේද මෙම පාසලෙන්ම වීමද විශේෂත්වයක්.

මෙවැනි සිදුවීම් සිදු වීමට පෙර දෙමාපින් මෙන්ම එම දරුවන් රැකබලාගන්නා වැඩිහිටියන්, ගුරුවරුන් ද එම දරුවන් ගැන දැඩි අවධානයෙන් සිටියහොත් මෙවැනි සිදුවීම් වළකාගත හැකිය.

දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය රැකීම වැඩිහිටි සැමගේම යුතුකමක් සහ වගකීමක් බව තරයේ මතකතබා ගත යුතු වේ.