මහ රෑ නෙළුම් කුළුණේ සිදුවූ වෙඩි තැබීම මොකද්ද?

By Aruna Nov 10, 2024 02:58 AM GMT
Report

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රය තුළදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලික ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසනවා.

එම පරිශ්‍රයේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති අතර ඒ ආරක්ෂක රාජකාරි යොදවා සිටි පුද්ගලික ආරක්ෂක ආයතන නිලධාරියකු නාඳුන තුවක්කරුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා 29 හැවිරිදි අයෙක් බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙකක් අතර සිරවූ දුම්රිය සහායකයා..සංවේදී දර්ශන සහිතයි.ලොවම කම්පා කළ සිදු වීම මෙන්න.(VIDEO/PHOTOS)

දුම්රිය දෙකක් අතර සිරවූ දුම්රිය සහායකයා..සංවේදී දර්ශන සහිතයි.ලොවම කම්පා කළ සිදු වීම මෙන්න.(VIDEO/PHOTOS)


කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මරදාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කෙසේවෙතත්, වෙඩි තැබීම සිදු කළ පාර්ශවය සහ ඉන් තුවාල ලැබූ පුද්ගලයා අතර ඇති පෞද්ගලික ආරවුලක් ඊට හේතු වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.