ඩෙංගුවලට බය වී කසල ගොඩක හංගපු බඳින තුවක්කුව මව රෝහල්ගත කරයි.

Sri Lanka Police Shooting Sri Lanka Dengue Prevalence in Sri Lanka Gun Shooting
By krishani May 26, 2023 11:53 PM GMT
krishani

krishani

Report

සිය පුතා විසින් කසල ගොඩක සඟවා තිබූ සතුන්ට ඇටවීමට සැකසූ බඳින තුවක්කුවක් පුපුරා යාමෙන් තුවාල ලැබූ මවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මීට දින කිහිපයකට පෙර ඩෙංගු මර්දන කටයුතු සඳහා නිවෙස් පරික්ෂා කිරීමට පැමිණෙන බවට ගෝනගංආර පොලීසිය විසින් ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇත.

එයට බිය වූ පුතා බඳින තුවක්කුව කසල ගොඩේ සඟවා කොළඹ ප්‍රදේශයේ රැකියාවට ගොස් තිබෙනවා.

පොලීසියේ දැන්වීමට අනුව ඩෙංගු මර්දනයට පැමිණීමට පෙර මව සිය නිවස වටා තිබෙන කසල එක්රැස් කර කුණු ගොඩට දමා ගිනි තබා ඒ අසල රැඳී සිට ඇත.

එහිදි සඟවා තිබූ බඳින තුවක්කුව පුපුරා ගොස් ඇයගේ පාදයකට තුවාල සිදු වී තිබෙනවා.

එම හේතුවෙන් ඇය රෝහල් ගත කළ බව ගෝනගංආර පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join