ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හේතුව ගැන අනාවරණයක්
ලේඩි රිජ්වේ ළමා රෝහල සඳහා CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම සඳහන් කළේ, ලේඩි රිජ්වේ ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීම සඳහා භාවිත කරන බව පවසමින් ‘සිරිලිය සවිය’ සංවිධානය හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් අදාළ රුපියල් මිලියන 10 ලබාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, එම මුදල භාවිත කර රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදී නොමැති අතර, රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
මෙම සිද්ධියට අදාළව දූෂණ වරදක් සිදුකිරීම සහ රාජ්‍ය දේපළ පනත යටතේ වැරදි සිදුකිරීම යන චෝදනා මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගත් බව කොමිසම සඳහන් කළේය.
අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ඇය බදාදා පෙරවරු 9.56ට පමණ කිරුළපන, පූර්වාරාම ප්‍රදේශයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.