සියල්ල බලා සිටිය දී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් ශිරන්ති අධිකරණයට රැගෙන එයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.
සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන අදාළ යන්ත්‍රය ලබා නොදී එම රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම මගින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇත.
අද පස්වරුවේ අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඇයගේ නිවසේදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පසුව අල්ලස් කොමිසම වෙත රැගෙන ගොස් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, මෙලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.