වත්මන් රජය බ්‍රිතාන්‍ය පාලනයටත් වඩා භික්ෂු සම්ප්‍රදාය මර්දනය කරනවා – විමල් වීරවංශගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

Report

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේදී පවා මහා සංඝරත්නයට යම් ගෞරවයක් ලබාදී තිබූ නමුත්, වත්මන් රජය එම තත්ත්වයද ඉක්මවා යමින් බුදුදහම සහ භික්ෂු සම්ප්‍රදාය මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කළේය.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී සහ දඬුවම් ලබාදීමේදී පවා මහා සංඝරත්නයේ භික්ෂු ගෞරවය සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු කර තිබූ බව වීරවංශ මහතා සඳහන් කළේය.

ඒ සඳහා උදාහරණයක් ලෙස 1942 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව අදහස් පළ කළ සටන්කාමී භික්ෂුවක වූ උඩකැන්දවල සරණංකර හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාව ඔහු පෙන්වා දුන්නේය.

වීරවංශ මහතාට අනුව, එම අවස්ථාවේදී සරණංකර හිමියන් සිය සිවුර ඉවත් කිරීමට විරෝධය පළ කළ අතර, බ්‍රිතාන්‍ය පාලකයන් එම ස්ථාවරය පිළිගෙන තිබේ. එහෙත් වත්මන් පාලනය බ්‍රිතාන්‍ය යුගයටත් වඩා ඉදිරියට ගොස් මෙරට භික්ෂු සම්ප්‍රදාය කෙලෙසමින් බෞද්ධ සමාජ වටිනාකම් යටපත් කිරීමට කටයුතු කරන බවට වීරවංශ මහතා චෝදනා කළේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු, එය එක් භික්ෂුවකට පමණක් අදාළ සිදුවීමක් ලෙස නොව, සමස්ත මහා සංඝරත්නයටම බලපාන කරුණක් ලෙස සැලකිය යුතු බව අවධාරණය කළේය.

දේශපාලන කරළිය හොල්ලන හදිසි සිදුවීමක්- මහින්ද ඉදිරියේ ශිරන්තිට සිදුවූ දේ

දේශපාලන කරළිය හොල්ලන හදිසි සිදුවීමක්- මහින්ද ඉදිරියේ ශිරන්තිට සිදුවූ දේ