ආණ්ඩුව ඩයස්පෝරාව වෙත ලබාදුන් පොරොන්දු ඉටු කරනවා.. ඥානසාර හිමියන් සහ ශිරන්තිව අත්අඩංගුවට ගත්තට සරත්ගෙන් දැඩි චෝදනා

Report

හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා වත්මන් රජය බෞද්ධ ප්‍රඥප්තිය යටපත් කරමින් ජාතිවාදීන් සහ දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට කටයුතු කරන බවට චෝදනා කරන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා ඇත්තේ රට තුළ ත්‍රස්තවාදී අවදානමක් පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවූයේ පූජ්‍ය ඥානසාර හිමියන් බවත්, එම අවස්ථාවේ උන්වහන්සේගේ ප්‍රකාශවලට අවධානය යොමු කළේ නම් පාස්කු ඉරිදා ප්‍රහාර වළක්වා ගැනීමට හැකියාව තිබූ බවත්ය.

උණුසුම් තත්ත්වයක්.. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන අදහස් දක්වන්න ආ සිරි සමන්තභද්‍ර හිමියන් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි

උණුසුම් තත්ත්වයක්.. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන අදහස් දක්වන්න ආ සිරි සමන්තභද්‍ර හිමියන් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි

එහෙත් එවැනි භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන සිවුරු ඉවත් කිරීම අසාධාරණ හා හෙළා දැකිය යුතු ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දෙන බව සඳහන්.

එමෙන්ම භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් තීරණ ගැනීම බෞද්ධ විනය නීතිරීති සහ මහානායක හිමිවරුන්ගේ මඟපෙන්වීම යටතේ සිදුවිය යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, වත්මන් රජයේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවක් මතුව ඇති බවද සඳහන් කරන බව වාර්තා වේ.

ඊට අමතරව ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳවද වීරසේකර මහතා විවේචනාත්මක අදහස් පළ කළ බව සඳහන්.

ඒ අනුව මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවත්, ඒ වෙනුවට දෙමළ බෙදුම්වාදීන් සහ ඩයස්පෝරාව වෙත ලබාදුන් බව කියන පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරන බව වාර්තා වේ.

උණුසුම් තත්ත්වයක්.. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන අදහස් දක්වන්න ආ සිරි සමන්තභද්‍ර හිමියන් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි

උණුසුම් තත්ත්වයක්.. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන අදහස් දක්වන්න ආ සිරි සමන්තභද්‍ර හිමියන් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි

එසේම සිංහල බෞද්ධ ජනතාවට සිදුවන බව කියන අසාධාරණකම් සහ ගොවීන්ගෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ සිදුවීම් පිළිබඳවද ඔහු අදහස් පළ කර ඇති බව පවසයි.

ඒ අනුව ජනතාව අතර මතුව ඇති විරෝධය වෙනතකට යොමු කිරීමට අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවට චෝදනා කළ වීරසේකර මහතා, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මහජන විරෝධතාවක් මතුවිය හැකි බවද පැවසූ බව වාර්තා වේ.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි