ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනවාරි 17 සිට 23 දක්වා - දෙස් විදෙස් බාලදක්ෂයින් 12,000කට අධික ප්‍රමාණයක් සහභාගි වීමට සැලසුම්

Report

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) දින පස්වරුවේ පවත්වා තිබුණා.

ඒ අනුව එහිදී බාලදක්ෂ ජම්බෝරිය සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රහය දක්වන රාජ්‍ය ආයතන සහ මූල්‍යමය අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ඊට ලබා දෙන දායකත්වය සම්බන්ධවද සාකච්ඡා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් 11 වන වරටත් සංවිධානය කරන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 වසරේ ජනවාරි මස 17 වෙනි දින සිට 23 වෙනි දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

එසේම ඒ සඳහා දෙස් විදෙස් බාලදක්ෂයින් 12,000කට අධික ප්‍රමාණයක් සහභාගි වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ පාසල් ළමුන්ට ඉතා සුවිශේෂ අවස්ථාවක් වන බාලදක්ෂ ජම්බෝරිය සාර්ථක කර ගැනීමට සහාය දැක්වීම ඉතා වැදගත් බවත්, මේ සඳහා රජය උපරිම සහාය ලබා දීමට සමගාමීව පෞද්ගලික අංශයේ දායකත්වයද අවශ්‍ය බවත් ය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, ජාත්‍යන්තර කොමසාරිස් හා ජම්බරි සම සංවිධායක වෛද්‍ය අසංක ඒරියාව, ජම්බරි සම සංවිධායක සහාය ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු අමිල් අබේසුන්දර යන මහත්වරු, සහකාර ප්‍රධාන කොමසාරිස්වරු, රාජ්‍ය ආයතනවල නිලධාරීහු, රාජ්‍ය සහ පෞද්ගලික අනුග්‍රාහක සමාගම්වල නිලධාරීහු, ඇතුළු පිරිසක් සහභාගී විය.

හෙටත් පැය 8ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා නිවේදනයක්

හෙටත් පැය 8ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා නිවේදනයක්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්