කියාරා සහ සිද්ධාර්ත්ගේ දෙවැනි දරු පිළිසිඳ ගැනීම ගැන කරීනාගෙන් විශේෂ සුබ පැතුමක් - “නැවත වරක් විශාලතම තෑග්ගෙන් ආශීර්වාද ලැබුවා”
බොලිවුඩ් ජනප්‍රිය යුවළක් වන කියාරා අද්වානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා සිය දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කර තිබේ.
ඔවුන් දෙදෙනා සිය Instagram ගිණුම් ඔස්සේ එක්ව පළ කළ ඡායාරූපයකින් මෙම සුබ පුවත රසිකයින් වෙත දැනුම් දී ඇත. එම ඡායාරූපයේ ඔවුන්ගේ දියණියගේ දෑත් අතර කුඩා මේස් යුගලයක් දැක්වෙන අතර, ඒ සමඟ ඔවුන් සඳහන් කර ඇත්තේ, “නැවත වරක් සියලු දේ අතරින් විශාලතම තෑග්ගෙන් ආශීර්වාද ලැබුවා. අපේ හදවත් ආදරයෙන් සහ කෘතඥතාවයෙන් පිරී තිබෙනවා.” යනුවෙනි.
මෙම නිවේදනයත් සමඟ බොලිවුඩ් තරු සහ රසිකයින්ගෙන් ඔවුන් වෙත සුබ පැතුම් රැසක් හිමිව තිබේ. නිළි කරීනා කපූර් එම සටහනට “Mommy and daddy again, yaay” යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර, පරිනීති චොප්රා “Congrats guys!” යනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ. රකුල් ප්‍රීත් සිං ද “Oh wow! This is such lovely news, God bless” යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර, කරන් ජොහාර් “Love love you” යනුවෙන් සටහනක් තබා ඇත.
කෝලිටයි අනුෂ්කාටයි අශ්‍රමයට එන්න කෝටි 5ක් ගෙව්වද? - “දැඩි ආගමික විශ්වාසයකින් සහ ගෞරවයෙන් පැමිණියේ,චෝදනාව කෝලිගේ ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කරයි''
කියාරා අද්වානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා 2023 පෙබරවාරි 7 වැනිදා රාජස්ථානයේ සූර්යගාර්හ් පැලස්හිදී විවාහ වූහ. ඔවුන්ගේ පළමු දරුවා වන දියණිය සාරායා මල්හෝත්‍රා 2025 ජූලි 15 වැනිදා උපත ලබා තිබුණි.
මව් පදවිය තම ජීවිතයට සිදුකළ වෙනස පිළිබඳව මීට පෙර අදහස් දක්වමින් කියාරා පවසා තිබුණේ මවක් වීමෙන් පසු තම පෞරුෂය සහ සිතන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවයි.
තම දියණිය වෙනුවෙන් ආදර්ශයක් වීමට නිරන්තරයෙන් සිතන බවත්, මවක් හෝ ගෘහණියක් සිදුකරන කාර්යභාරය කිසිවෙකුට සිතාගත නොහැකි තරම් විශාල බවත් ඇය එහිදී සඳහන් කර තිබුණි.