අමෙරිකානු නාවික හමුදාවේ දැවැන්ත යුද නෞකාව කොළඹ වරායට සපැමිණෙයි
අමෙරිකානු නාවික හමුදාවට අයත් 'යූ.එස්.එස් ටල්සා' (USS Tulsa - LCS 16) යුද නෞකාව නැවත වරක් කොළඹ වරායට සපැමිණ තිබේ.
වසර දෙකක් ඇතුළත මෙම නෞකාව මෙරටට පැමිණි දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2025 අගෝස්තු මාසයේදී ද මෙම නෞකාව කොළඹ වරාය වෙත සපැමිණ තිබුණි.
ඉන්දු-පැසිෆික් කලාපයේ ඉදිරි සාගරික මෙහෙයුම් කටයුතු සඳහා පිටත්ව යාමට පෙර, අවශ්‍ය ඉන්ධන ලබාගැනීම ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් සපුරාගැනීමේ අරමුණින් මෙම නෞකාව මෙලෙස කොළඹ වරාය වෙත සපැමිණ ඇති බව වාර්තා වේ.