විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල උණුසුම් තත්ත්වයක් - පිරිසක් එකතු වී විරෝධයක්
අධ්‍යාපන හා සමසෞඛ්‍ය ක්ෂේත්‍රවල ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා වූ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපනවේදී උපාධි විකිණීම වැළැක්වීම, සමසෞඛ්‍ය උපාධිධාරීන් වහාම රජයේ සේවයට බඳවාගැනීම මෙන්ම ආචාර්ය හිඟය හා නේවාසිකාගාර ඇතුළු ශිෂ්‍ය සුභසාධන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ අදාළ විරෝධතා පාගමන මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට ළඟා වී ඇති අතර, සිසුන් විශාල පිරිසක් එහි රැඳී සිටිමින් විරෝධතාවයේ නියැලෙමින් සිටිති.