රටේ සංචරණ සීමා ගැන යුධ හමුදාපති ගෙන් දැනුම් දීමක්..

Corona Sri Lanka Shavendra silva Isolating
By Aruna Oct 15, 2021 07:50 AM GMT
Aruna

Aruna

Report

අද රැස්වන කොවිඩ් මර්දන කමිටුවේදී සීමා ලිහිල් කිරීමට පියවර ගත්තද, සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව ආරක්ෂා කරන ලෙස යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙනවා.

මිත්‍ර ශක්ති යුධ හමුදා අභ්‍යාසය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කෙරුණද ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළහොත් යලිත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යා හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ ලොව වෙනත් රටවල එවැනි තත්ත්වයන් ඇතිවූ බවට උදාහරණ ද පවතින බවයි.

මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් වනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ සම්බන්ධයෙන් තීරණය කරන කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය මේ වන විට රැස්වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now